නියාගම ප්‍රාදේශිය සභාව, නියාගම, තල්ගස්වල +94 912296518/+94 912291276/+94917294610-11 niyagamaps@gmail.com
මීළඟ මහ සභාව පවත්වනුයේ දෙසැම්බර් මස 16 වන අඟහරුවාදාය‍.....
ගරු සභාපතිතුමාගේ

පණිවුඩය.......

නියාගම ප්‍රාදේශීය සභා කාර්යාලය මඟින් එළිදැක්වෙන වෙබ් අඩවිය සඳහා මාගේ සුභාශිංසන එකතු කරනුයේ හදපිරි සතුටිනි.

දකුණු පළාතේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස ජනතාව වෙත ඉටු කරන සමාජීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා ආගමික මෙහෙවර නවීන තාක්ෂණය පෙරටු කොට ගනිමින් වඩාත් පුළුල්ව හා කාර්යක්ෂමව කිරීමට මෙමඟින් අවස්ථාව උදායන බව මාගේ විශ්වාසයයි. රාජ්‍ය ආයතන ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුගත වෙමින් බෙව් අඩවියක් හරහා යාවත්කාලීන තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීමට ගෙන ඇති මෙම උත්සාහය ප්‍රශංසනීය වේ. සේවාලාභී ජනතාවගේ බහුවිද අවශ්‍යතාවයන් නව්‍ය රාජ්‍ය සේවා සංස්කෘතියක් තුළින් විසඳීමට මෙමගින් ඉඩහසර සපයයි. දකුණු පළාත් රාජ්‍ය සේවය සවිබල ගැන්වීමට ගත් මෙම උත්සාහය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමි.
දකුණු පළාත් රාජ්‍ය සේවය සවිමත් කරමින් කරන්නා වූ මෙම මහඟු කර්තව්‍ය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කර සිටිමි.

එම්.එල්. සිදත් කුමාර
සභාපති, නියාගම ප්‍රාදේශිය සභාව
ප්‍රාදේශිය සභා ලේකම්තුමාගේ ....

පණිවුඩය.......

නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියන්ගේ ජීවන තත්වය නංවාලමින්, ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිතව, පහසුකම් සහිතව ජිවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරීම, නියාගම ප්‍රාදේශීය සභාවේ අප සැමගේ වගකීම වේ. ජනතාවට ප්‍රාදේශීය සභාව මගින් සපයන සේවාවන්ට අදාල අයදුම්පත් භාගත කර ගැනීමට, තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවිය තුලින් පහසුකම් සැලසේ...

ඩබ්.කේ.කේ. චාමර,
ලේකම්, නියාගම ප්‍රාදේශිය සභාව.
Contact Us

Niyagama Praddeshiya Sabha, Niyagama, Thalgaswala

niyagamaps@gmail.com

0912296518/

0917294610 0917294611

Google Map

© Niyagama Padeeshiya Sabha. All Rights Reserved. Last Upadate - 2025-12-12