අපගේ කැපවීම උපරිම මහජන සේවය තුලින් ආදර්ශමත් හා සංවර්ධිත ප්‍රාදේශීය සභාවක් බිහිකිරිමයි.
නියාගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් පහසුකම් සහිතව ජීවත් වීමේ වටපිටාවක් සකස් කර දීම උදෙසා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, පරිසරය, පොදු මංමාවත්, පොදු උපයෝගීතා සේවා සැපයීම, මහජන සුභ සාධන සේවා සැපයීම ආදිය ආරක්ෂා කොට විධිමමත්ව පරිපාලනය කිරිම හා ප්‍රවර්ධනය කිරීම.
දකුණු පළාත් කොඩිය ජාතික කොඩියට බෙහෙවින් සමාන ය. කහ පැහැති මායිමක් සහ දුඹුරු-රතු පසුබිමක් සහිත ධජයේ මැද කඩුවක් රැගෙන යන සිංහයෙකු ද කොන් හතරේ බෝ පත්‍ර 4 ක් ද ඇත. සිංහයාගේ දෙපස සූර්යයාගේ සහ සඳුගේ ලාංඡන දෙකකි. මෙම කොඩිය 2008.09.26 දින දකුණු පළාතට හඳුන්වා දෙන ලදී.
දකුණු පළාත් මල ලෙස නම් කර ඇති “හීන් බෝවිටියා මල” Melastomatacea විශේෂයට අයත් වේ. එහි උද්භිද නාමය Osbekia Colander(L)PC වේ. අඩි 2-4ක් පමණ උසට තෙත් සහ වියලි වටපිටාවේ පඳුරක් ලෙස වැවෙන මෙය ශ්‍රී ලංකාවට ආවේණික පිත් නැති ශාකයක් වන අතර පාරම්පරික ඔසුවක් ලෙස විශේෂ ස්ථානයක් ගනී. වර්තමානයේ එය ආකර්ශනීය මලක් ලෙස පුළුල් ලෙස පැතිර ඇත.
ගීපද රචනය - රත්න ශ්‍රී විජේසිංහ මහතා
ගායනය - සුනිල් ඒදිරිසිංහ මහතා
© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.